Xi’an රණශූරයන් බලන්නට චීනයට නොමිලේ යමු

Xi’an රණශූරයන් බලන්නට චීනයට නොමිලේ යමු

චීනයේ දී සොයා ගත් පුරා විද්‍යා සොයා ගැනීම්වලින් ඉතාමත් වැදගත්කමක් උසුලන සී ආන් රණශූරයන්ගේ ප්‍රතිමා නම් කරන්නට පුළුවන්. එය 20 සියවසේ පුරා විද්‍යාව තුළ සොයා ගත් විශිෂ්ටම සොයා ගැනීමක් ලෙසත් සලකනවා.

සී ආන් රණශූරයන්ව ටෙරාකොටා හමුදාව ලෙසත් නැතිනම් දම්මැටි පිළිම ලෙසත් හඳුන්වනු ලබනවා. මෙම පිළිමවල ඉතිහාසය වසර 2250ක් පමණ ඉපැරැණි බවයි විශ්වාස කරන්නේ. චීනයේ  ෂියාන් ශාන්ෂි පළාතේ පලාතේ ගොවියෙකු විසින් ලිඳක් කැපීමට ගත් උත්සාහයක දී මෙම පිළිම සොයා ගන්නා ලදී. ඒ වර්ෂ 1974 දීය.

ටෙරාකොටා හමුදා සෙබළුවන් (The Blonde Abroad)

පළමුව චීන අධිරාජ්‍යයා වන ක්වින් ෂී හුවන්ජි ගේ දේහය සමඟ මෙම හමුදාව තැන්පැත් කර තිබුණු බව සඳහන් වෙනවා. .මෙම හමුදාව පිළිම 8099කින් සමන්විතය. මෙම සියලු පිළිම සාමාන්‍ය මිනිසෙකුගේ උසට සමාන වූ අතර එම සෑම පිළිමයක්ම එකිනෙකට වෙනස් අංග ලක්ෂණයන්ගෙන් යුක්ත බවද සඳහන් වෙයි.

මෙම සෙබළුන් තැන්පත් කර ඇති කෞතුකාගාරය සංචාරක ආරක්ෂණය ඉතාමත් ඉහළින් දිනාගෙන ඇති ස්ථානයක් ලෙසද හඳුන්වා දිය හැකිය.

ඔබටත් මෙම අපුරු පෞරාණික සොයා ගැනීම නැරඹීමට නොමිලේ යෑමට අවස්ථාවක් ලැබුණොත්?

2017 වසරේ දී Google Road Map Virtual තාක්ෂණය අධ්‍යයනය කළ චීන සමාගමක් විසින් මෙම ටෙරාකොටා හමුදාව ඕනෑම පුද්ගලයෙකුට Virtual තාක්ෂණය ඔස්සේ නැරඹිය හැකි ක්‍රමයක් නිර්මාණය කර තිබේ.

Virtual තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති අයුරු (Baike Baidu)

Baidu නම් සමාගමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇති අතර එමඟින් ඕනෑම පුද්ගලයෙකු ටෙරාකොටා සෙබළුන් ළඟටම තම නිවසේ සිටම අධ්‍යයනය කිරීමට හැකියාවක් ඇත. එය වෙනස්ම අත්දැකීමක් ලෙසද සඳහන් කිරීමට හැකිය.

ටෙරාකොටා සෙබළුන්ගේ සමීප අවස්ථාවක් (Baike Baidu)

මෙම තාක්ෂණය ඔස්සේ ටෙරාකොටා සෙබළුන් නැරඹීමට ඔබට චීන භාෂාව අවශ්‍ය නොවීමද විශේෂත්වයකි. ඔබට රිසි සේ කැමතිම වෙලාවක් ටෙරාකොට සෙබළුන් ඔබට අවශ්‍ය පරිදි අධ්‍යයනය කිරීමට හෝ නැරඹීමට ඔබට මෙමඟින් හැකියාවක් ලැබේ.

සෙබළුන් අතර මෙන්ම පුරා විද්‍යාත්මක කොටසේ අවශ්‍ය ඕනෑම තැනකට ගමන් කිරීමටත් මෙම තාක්ෂණය ඔස්සේ ඔබට හැකියාවක් ලැබේ. එම අත්දැකීම ඔබට පහතින් දී ඇති ලින්ක් මඟින් ලබා ගත හැකිය.

https://baike.baidu.com/museum/qinshihuang

6+
avatar
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page