The Incredible Hulk ට රඟපෑ යෝධ මිනිසා

The Incredible Hulk ට රඟපෑ යෝධ මිනිසා

ස්වාධීන රූපවාහිනී සේවයේ සිංහල උපසිරැස සහිතව විකාශය වූ “The Incredible Hulk (ද ඉන්ක්‍රිඩිබල් හල්ක්)” ටෙලි කතා මාලාව ඔබට මතක ඇති බව සිතනවා.

ලෝකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත් ඇති හල්ක් චරිතය ආශ්‍රයෙන් නිර්මාණය වූ මෙම ටෙලි කතා මාලාව නිර්මාණය වන්නේ 1977 වසරේ දී. මෙහි ප්‍රධාන චරිතය වන බෲස් බැනර් චරිතයෙන් රංගනයෙන් දායක වන්නේ බීල් බික්ස්බි.

බීල් බික්ස්බි සහ හල්ක්

Avengers වැනි චිත්‍රපටයන් හී හල්ක් චරිතය නිර්මාණය කිරීමේ දෘෂ්‍ය ප්‍රයෝගයන් නැතිනම් CGI නැතහොත් පරිගණකයෙන් ජනනය කරන ලද නිරූපණයන් යොදාගෙන තිබුණත් ද ඉන්ක්‍රෙඩිබල් හල්ක් ටෙලි කතාමාලාව නිර්මාණය කිරීමට එවැනි තාක්ෂණයක් යොදා ගැනීමට තරම් තාක්ෂණයක් එකළ තිබුණේ නැහැ. එම කාල සීමාව තුළ බිහි වූ බොහෝ චිත්‍රපටයන් හී මෙම දෘෂ්‍ය ප්‍රයෝගයන් පරිගණක තාක්ෂණය ඔස්සේ නිර්මාණය කිරීමට හැකියාවක් නොතිබුණු අතර බොහෝ දේවල් සැබෑවටම නිර්මාණය කිරීමට සිද්ධ වුණා.

බෲස් බැනර් හල්ක් බවට පත්වෙන අවස්ථාවක්

ඒ නිසාම හල්ක්ට ගැලපෙන පරිදි පුද්ගලයෙකු සොයා ගැනීමට නිෂ්පාදකයන්ට සිදු වෙනවා. ඒ අනුව තමයි එක් යෝධ මිනිසෙකු හල්ක් චරිතය සඳහා සොයා ගන්නේ. මෙම හල්ක් සඳහා රංගනයෙන් දායක වන්නේ රාත්තල් 315ක බරකින් සහ අඩි 06 අඟල් 03ක උසකින් යුක්ත ලූ ෆෙරිග්නෝ කියන කායවර්ධන ශූරයයි.

1977 දී යුනිවර්සල් ස්ටිඩියෝ ආයතනය තමන්ගේ නවතම ටෙලි කතාමාලාව සඳහා හල්ක් කෙනෙක් තෝරා ගන්න අවස්ථාවේ නම් 03ක් යෝජනා වී තිබුණා. ඒවා වුණේ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්, රිචඩ් කීල් සහ ලූ ෆෙරිග්නෝ කියන චරිත තුනයි. නමුත් ආර්නෝල්ඩ් සහ රිචඩ් කිල්ව අභිබවා යමින් ලූ ෆෙරිග්නෝ හට මෙම චරිතය කිරීමට අවස්ථාව උදා වෙනවා. එයට හේතුව ලෙස අනිත් 02 දෙදෙනාටම වඩා ෆෙරිග්නෝගේ ශරීර ප්‍රමාණය විශාල වීම පේනවා දෙන්න පුළුවන්.

ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සහ ලු ෆෙරිග්නෝ කාය වර්ධන ශූරතාවයකදී

රිචඩ් කීල් ව දමා කතා මාලාවේ කොටසක් රූගත කළත් ඔහුගේ මස් පිඩු හා ශරීර ප්‍රමාණය චරිතයට ප්‍රමාණවත් නොවීම නිසා ඔහුව ඉවත් කොට ෆෙරිග්නෝව යොදාගන්න තීරණය කරලා නැවත පටිගත කිරීම් කරලා තිබුණා.

බීල් බික්ස්බි සමඟ එක්ව ලූ ෆෙරිග්නෝ කරපු රංගනය තුළින් “The Incredible Hulk (ද ඉන්ක්‍රිඩිබල් හල්ක්)” ටෙලි කතා මාලාව අතිශයෙන් ජනප්‍රියත්වයට පත් වුණා වගේම ඔවුන් දෙදෙනා එක්ව හල්ක් චිත්‍රපට කිහිපයකටද සම්බන්ධ වෙනවා. නමුත් දෙදෙනාම එකම අවස්ථාවේ කිසිම දවසක එක දර්ශන තලයේ රංගනයෙන් දායක වුණේ නැහැ. නමුත් කතා මාලාවේ කින්ග් ඔෆ් ද බීච් කොටසේ පමණක් දෙදෙනාටම රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබුණා.

1981 වසර දක්වා දෙදෙනාම හල්ක් ටෙලි කතාමාලාවේ රංගනයෙන් දායක වුණු අතර කතාවේ අවසාන කොටස් 02ක 1982 වසර දක්වාම ඇදී යනවා. තවත් බොහෝ නිර්මාණයන් සඳහා මෙම දෙපලට අවස්ථාව උදා වී තිබුණත් 1993 නොවැම්බර් 21 බීල් බික්ස්බි අසනීප තත්ත්වයන් හේතුවෙන් ජීවිතයෙන් සමුගත්ත නිසා ඒ නිර්මාණයන් සියල්ලම නැවතී යනවා.

බීල් බික්ස්බි සහ ලූ ෆෙරිග්නෝ

බිල්ගේ මරණයත් සමඟ චරිතයෙන් ඉවත් වෙන ලූ ෆෙරිග්නෝ පසුව විවිධ වැඩසටහන්වලට සහභාගී වෙනවා. එමෙන්ම 2003 දී තිරගත වූ හල්ක් චිත්‍රපටයේ සහ 2008 දී තිරගත වූ ද ඉන්ක්‍රෙඩිබල් හල්ක් චිත්‍රපටයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙසද ඔහු රංගනයෙන් දායක වී තිබුණා.

අති දක්ෂ කාය වර්ධන ශූරයෙකු වූ ලූ ෆෙරිග්නෝ තමන්ගේ කාය වර්ධනයෙන් දෙවැනි වුණේ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් හට පමණයි.

4+
avatar
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page