Alien චිත්‍රපටය නිර්මාණයට පසුබිම සැකසූ චිත්‍ර ශිල්පියා

Alien චිත්‍රපටය නිර්මාණයට පසුබිම සැකසූ චිත්‍ර ශිල්පියා

ඒලියන් (Alien) චිත්‍රපටය නොබලපු අයෙකු සොයා ගැනීම නම් අපහසුයි. මොකද කිව්වොත් ජාතික රූපවාහිනී සේවය ඔස්සේ පවාද මෙම චිත්‍රපටය කිහිප වතාවත් ම විකාශය වුණා. 1979 මැයි මාසයේ 25 වැනිදා නිර්මාණය කරන ලද පළමු ඒලියන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වුණේ රිඩ්ලි ස්කොට්. ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක පමණ වියදමක් දරා නිර්මාණය කළ මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 204ක ආසන්න ආදයම් වාර්තාවක් තැබීමටද සමත් වුණා. එමෙන්ම විද්‍යා ප්‍රබන්ධ සලරූ අතර අතිශයෙන්ම ජනප්‍රියත්වයටද පත් වුණා.

1979 වසරේ තිරගත වූ ප්‍රථම එලියන් චිත්‍රපටයේ පෝස්ටරයක් (Sideshow Collectibles)

මෙම චිත්‍රපටය නිර්මාණය තුළ අපුරු කතාවක් සැඟ වී තිබුණා. ඒ අපුරුම වෙනස්ම අත්භූත චිත්‍රශිල්පියෙකුගේ කතාවක්. ඔහු නමින් Hans Ruedi Giger ගොඩාක් අය ඔහුව හඳුනන්නේ H R Giger විදිහටයි. ලෝකයේ විද්‍යා ප්‍රබන්ධ සලරූ අතර බිහි වූ භයානකම ජීවියා නැත්නම් ඕනෑම කෙනෙක් බියෙන් කිළිපොලා යන ජීවියා නිර්මාණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්.

ගිගර්ගේ චිත්‍ර තුළ තිබුණේ ඉතාමත් ඉහළ තාත්වික බවකි. එමෙන්ම ඔහුගේ චිත්‍ර තුළ සහ අනිකුත් චිත්‍ර ශිල්පින්ගේ චිත්‍ර අතර වෙනස වුයේ ගිගර් නිර්මාණය කළේ බොහෝ විට කිසිවෙකුත් නොදන්නා මිනිසා සහ යාන්ත්‍රික සහ ජීවින් අතර සංකලනය වෙන නිර්මාණයන්. ඔහුගේ මේ අමුතුම ආකාරයේ චිත්‍ර නිසාම ඔහු අතිශයෙන් ජනප්‍රියත්වයට පත් වී සිටියා.

H R Giger ඔහුගේ සිතුවම් දෙකක් සමඟ (BBC)

ඔහුගේ මේ අත්භූත සිතුවම් කලාව පිළිබඳව ඔහු විසින් පොතක් ද නිර්මාණය කරන අතර එය Necronomicon නමින් වර්ෂ 1977 දී කෘතියක් ද නිර්මාණය කරනු ලබනවා. ඔහුට මෙම නිර්මාණයන් සිදු කිරීමට වසර දශකයකට ආසන්න කාලයක් ගත වූ බවද සඳහන් වෙයි.

H R Giger විසින් රචිත Necronomicon කෘතිය (Panoply Books)

ගිගර්ගේ සිතුවම් අතර ප්‍රධානම තැනැක් සහ වැදගත්කමක් ගත්තේ ඔහු විසින් 1976 වසරේ දී නිර්මාණය කරන ලද Necronom IV කියන සිතුවමයි. එයට හේතුව වුයේ එම සිතුවම Alien චිත්‍රපටයේ ප්‍රධාන ජීවියා වූ Xenomorph කියන ජීවියාගේ නිර්මාණයට එම සිතුවම පාදක වූ නිසයි.

H R Giger ගේ Necronom IV සිතුවම (VICE)

ගිගර්ගේ ජෛව විද්‍යාත්මක මෙන්ම තාක්ෂණික පසුබිම් හා මිනිසා සහ වෙනත් ජීවියෙකුගේ සංකලනයක් ඔස්සේ නිර්මාණය වූ මෙම අපුරු සිතුවම් එකළ රිඩ්ලි ස්කොට් නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට ඔහුගේ නිර්මාණයන් සඳහා යොදා ගැනීමේ දැඩි ආශාවක් ඇති වී තිබුණි. ඒ නිසාම ඔහු හැකි ඉක්මණින් ඒ අදහස් වෙන කෙනෙකුට ඇති වීමට පෙර ගිගර්ව තමන්ගේ නිර්මාණයන් සඳහා යොදා ගැනීමට කටයුතු කළේය.

නමුත් සිතුවම් චිත්‍රපටය සඳහා යොදා ගැනීමේ දී එහි බොහෝ දේවල් වෙනස් කරන ලද අතර සිතුවම්වලට වඩා භයානක බවක් චිත්‍රපටයේ ජීවියාගේ නිර්මාණ සංකල්පයේ දී යොදා ගත්තේය. චිත්‍රපටය නිර්මාණයේ දී රිඩ්ලී ස්කොට් හට ගිගර්ගේ මුල් නිර්මාණයන් පිළිබඳව දැඩි ආශාවක් තිබුණත් ගිගර් ඔහුගේ මුල් නිර්මාණයන් වෙනස් කරමින් එලියන් චිත්‍රපටයේ රචකයා වූ ඩැන් ඕ’බැන්නොන්ගේ තිර රචනයට ගැලපෙන ලෙස නිර්මාණය කළේය. එමෙන්ම චිත්‍රපටයේ ඇති වෙනස් පසුතල නිර්මාණයන් ද ගිගර්ගේ අදහස් හා නිර්මාණශීලිත්වය අනුව නිර්මාණය විය.

එහිදි ගිගර් නිර්මාණය කළ Xenomorph ජීවියා ඔහුගේ Necronom IV සිතුවමට වඩා භයානක මෙන්ම කුතුහලය උපදවන සුළු පෙනුමක් ගත්තේ ය.

1979 දී තිරගත වූ Alien චිත්‍රපටයේ Xenomorph ජීවියා (Pinterest)

1979 දී තිරගත වූ Alien චිත්‍රපටය තුළින් එතෙක් කල් නිර්මාණය වූ සක්වල ජිවන්ගේ කතා පුවත් රැගත් චිත්‍රපටයන් තුළ තිබූ මිනිසාට සමාන වූ සක්වල ජීවන්ගේ පෙනුම බිඳ දමමින් මාරාන්තික සක්වල ජීවියෙකුගේ පෙනුමක් පළමුවරට හඳුන්වා දීමටද හැකි වුණේ ගිගර්ගේ අපුරු සංකල්පයන් නිසාය. ලෝකයේ තවමත් ජීව විද්‍යාත්මක හා විද්‍යාත්මක ප්‍රබන්ධ සිතුවම් කලාව තුළ ගිගර්ගේ සිතුවම් ඉහළින්ම පවතින අතර ඔහුගේ සිතුවම් එම චිත්‍ර කලාවන් තුළ පර්යේෂණ සංකල්පයන් ලෙසද අධ්‍යයනය කරමින් සිටියි.

අද වන විට ඔහුගේ සිතුවම් සංකල්පයන් විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත චිත්‍රපට, සිතුවම්, කෘතින් ඇතුළුව පච්ච කලාව තුළද දැඩි අවධානයක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. 1979 දී ඒලියන් චිත්‍රපටය තුළින් සිනමා ලෝකයත්, විද්‍යා ප්‍රබන්ධ ලෝකයත් තුළ ඔහු නිර්මාණය කළ වෙනම තලය නිසා හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා වූ ඇකඩමි සම්මානය (ඔස්කාර් සම්මානය) දිනා ගැනීමටද ගිගර් 1980 වසරේ දී සමත් වේ.

“…චිත්‍රපටයේ වැඩ කටයුතු කඩිනමින් සිදු වෙමින් පවතිනවා. අභ්‍යවකාශ යානය ඉදිකිරීම බොහෝ දුරට අවසන්. එයට හොඳ පෙනුමක් තියෙනවා. භූ දර්ශනයේ කුඩා ආකෘති සහ අභ්‍යවකාශ යානයේ පිවිසුම් ප්රදේශය සාදන ලදී. මේවා තැනූ පුද්ගලයින්ට මගේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නැහැ. මම කිව්වා එයාලට ඇටකටු අරගෙන ප්ලාස්ටික් වලින් ආකෘතියක් හදන්න ඕනේ කියලා…”

1978 මැයි මාසයේ 18 වැනිදා ගිගර් විසින් ඔහුගේ දිනපොතේ එලියන් චිත්‍රපටය නිර්මාණය වෙන සමයේ තැබූ සටහනකි.

ඔහුගේ හිතේ මැවුණු අදහස් අදටත් ලෝකයාට සිතා ගත නොහැකිව ඉතිරිව පවතී.

මුලාශ්‍රයන් – IMDb, VICE, BBC, Taschen, Wikipedia

7+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page