ෆේස්බුක් තුළින් සැඟ වූ මරණයේ සුදු මල

ෆේස්බුක් තුළින් සැඟ වූ මරණයේ සුදු මල

ෆේස්බුක් ආයතනයේ ක්‍රියාත්මක වවන ඇල්ගොරිතම අනුව සංවේදී දෙයක් සඟවීම සඳහා බොඳ කරන ලද පෙරනයක් යොදා ගැනීම සාමාන්‍ය දෙයක්. නමුත් එක් සාමාන්‍ය සුදු මලක් සඳහාත් මේ බොඳ කරන ලෙද පෙරනයක් යොදා තිබෙන ආකාරය ඔබ දැක ඇති. ඒත් ඒ ඇයි කියලා ඔබ දැන සිටියාද?

සුදු මල බොඳ කරන ලද පෙරනයක් වසා ඇති අයුරු (The Daily Pot)

ෆේස්බුක් ආයතනයේ Graphic Content යටතේ මෙම මල වාරණය කිරීමට තරම් මෙහි ඇති සුවිශේෂිත්වය මොකක්ද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් වන්නට ඇත. එයට හේතුව වන්නේ ද මේ මලේ ඇති සුවිශේෂීත්වයයි.

මොකක්ද මේ සුදුමල?

Cerbera odollam යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ශාකයට තමයි මේ සුදු මල අයිති වන්නේ. බොහෝ පිරිසක් හඳුන්වනු ලබන්නේ සියදිවි නසා ගැනීමේ මල ලෙසයි.

Cerbera odollam ශාකයේ මල (Herbal Plant)

ශ්‍රී ලංකාවේ අපි කදුරු (ගොන් කඳුරු) ලෙස හඳුන්වන ශාක පවුලට අයත් මෙම ශාකය ඉතාමත් විෂ අධික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන්දීයාව ප්‍රමුඛ කරගත් දකුණු ආසියාව තුළත්, අග්නි දිග ආසියාව සහ මැඩගස්කරය තුළ මෙම ශාකය බහුලව දැකිය හැකිය. මෙම ශාකයේ විෂ වැඩිපුරම අඩංගු වන්නේ එහි ගෙඩියේ වන අතර එහි මදය තුළ වැඩි වශයෙන් විෂ අඩංගු වේ. උග්‍ර විෂ සහිත ශාකයක් වූවද විවිධ ප්‍රතිකර්මයන් සඳහා ඖෂධීය ශාකයක් ලෙසද යොදා ගනු ලබයි.

Facebook එකෙන් මේ මල වාරණය කළේ ඇයි?

Olivia herrick design කියන නිර්මාණ ශිල්පියා විසින් තමයි මෙය මුලින්ම නිර්මාණය කර තිබුණේ. මේ මල මුලින්ම ග්‍රැෆික් නිර්මාණය ලෙස නිර්මාණය කරල ෆේස්බුක් තුළට එකතු වන්නේ 2019 වසරේ ඔක්තොම්බර් මාසයේ 03 වැනිදා. මෙය ෆේස්බුක් වෙත එකතු කරන්නේ REN නමින් හඳුන්වන ෆේස්බුක් පිටුවක් හරහායි.

REN ෆේස්බුක් පිටුව විසින් එකතු කරන ලද පෝස්ට් එක (know your meme)

නමුත් ඒ කාලයේ මෙය වැඩිය ප්‍රසිද්ධියට පත්වන්නේ නැහැ. නමුත් පසු කාලයක මෙය නැවත ප්‍රසිද්ධියට පත්වෙනවා. හරියටම කිව්වොත් 2020 ජූනි මාසයේ Heliantus කියන ෆේස්බුක් පිටුව හරහා මෙය නැවත පළ කිරීමත් සමඟ ෆේස්බුක් ආයතන සතු ඇල්ගොරිතම මඟින් මෙය “ප්‍රචණ්ඩකාරී අන්තර්ගතයන්” අඩංගු සටහනක් ලෙස සලකා ෆේස්බුක් තුළින් වාරණය කිරීමට කටයුතු කරනවා.

මෙයට හේතුව වුණේ මෙම රූපය Cerbera odollam නම් ශාකයේ මල වීම නිසාම නෙමෙයි. මෙහි ඇති විෂ යොදාගෙන බොහෝ පිරිසක් සියදිවි නසා ගැනීමට පෙළඹීමයි. ෆේස්බුක් ආයතනය තුළ පවතින සියදිවි නසා ගැනීම සහ ස්වයං හානි වළැක්වීම සඳහා වූ ප්‍රතිපත්තිය යටතේ එවැනි දේවල් ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා වූ නීතිය යටතේ තමයි මේ විදිහට මෙම මල අඩංගු වන රූප සටහන නැත්නම් මේ නිර්මාණය වාරණය කරනු ලබන්නේ.

ඉතින් මේ ලිපිය හරහා ඔබට ෆේස්බුක් ආයතන විසින් මේ මල වාරණය කළේ ඇයි කියන දේ ගැන අදහසක් එන්න ඇති කියලා හිතනවා.

මුලාශ්‍රයන් – Facebook, Wikipedia, Know Your meme, Herbal Plant, The Daily Plant

3+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page