ෆැන්ටසියේ ලාංකීයකරණය “The Knight Out”

ෆැන්ටසියේ ලාංකීයකරණය “The Knight Out”

පසුගිය ජූලි 03 වැනිදා Youtube සමාජ වීඩියෝ ජාලයට “The Knight Out” නමින් වීඩියෝවක් එකතු වෙනවා. හරියටම කිව්වොත් කෙටි චිත්‍රපටයක්. ඉතාමත් කෙටි වෙලාවකින් මේක බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වෙනවා, ඒ එහි ඇති සිනමාකරණයේ අපුරු බව නිසා වගේම එය මින් පෙර බොහෝ දෙනෙකු නොදුටු වෙනස්ම නිර්මාණයක් නිසා විය හැකියි. ඉතින් නිතත කථාසල්ලාපය තුළින් මෙම නිර්මාණය පසුපස සිටින පිරිස සමඟ කතා කරන්න හිතුවා.

The Knight Out නිර්මාණය බිහි වෙන්නේ High School Junkies නම් පාසල් මිතුරන් පිරිසකගේ අපුරු උත්සාහයක් මතින්. මේ පිළිබඳව දැනගන්න අපි කතා කළේ High School Junkies හී නිර්මාතෘ ආකාෂ් සුනෙත්කුමාර හටයි.

සෑම දෙයකම නිර්මාණ කතාවක් තියෙනවා. ඕනෑම නිර්මාණයක් බිහි වීමට පෙර ඒක පිටිපස අපුරු කතාවක් තියෙනවා. ‍The Knight Out නිර්මාණය බිහි කරපු High School Junkies හී නිර්මාණ කතාව ගැන අපි ආකාෂ්ගෙන් විමසීමක් කරා. ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

High Shcool Junkies විසින් The Knight Out නිර්මාණය කරමින්.

“….අවුරුදු 05කට කළින් තමා High School Junkies පටන් ගත්තේ මම පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම්වලට කැමතියි, ලොකු වුණේ මාෂල් ආර්ට්ස් ෆිල්ම් බලලාමයි. ඒක ඉතින් තාත්තාගේ ඉන්ෆුලන්ස් එක නිසා. එයා මාෂල් ආර්ටිස් කෙනෙක්. ලංකාවේ හරියට බැලුවොත් සීනියර්-මොස්ට් කරාතේ මාස්ටර් කෙනෙක්.

ඉතින් ඒ ෆිල්ම්ස් බලලා මටත් ඕන වුණා ෆිල්ම්ස් හදන්න. හදන්න යද්දී මට කැමරා එකක්වත් තිබුණේ නැහැ. ඉතින් මම දන්න හොඳ යාළුවෙක් හිටියා කසුන් රත්නසිරි කියලා. එයා ෆෝටෝ ග්‍රැෆර් කෙනෙක්. මියුසිෂියන් කෙනෙක් හිටියා ශෙනික් තිසේරා කියලා. ඇක්ට්‍රස් හැටියට මුල් ෆිල්ම් එකේ ගත්තේ ස්ටෙෆනි පෙරේරා. අපි ඔක්කොම ස්කූල් ටයිම් එකේ ඉඳන් අඳුරන යාළුවෝ.

මුල් ෆිල්ම් එක හැදුවට පස්සේ තමයි High School Junkies කියන නම හැදුනේ. හයිස්කූල් කාලේ ඉඳන් අඳුරන සෙට් එකක්. වැඩේට බැස්සාම Junkies ලා වගේ. ඇඩිකේට් වෙලා වැඩේ ඉවර වෙනකන් නවතින්නේ නැහැ…”

පාසල් කාලේ යාළුවන් පිරිසක් එකතු වෙලා නිර්මාණය කරන අපුරු අපූරු නිර්මාණශීලි කණ්ඩායමේ ගොඩාක් නිර්මාණයන් ෆැන්ටසි කියන දේ ගැබ්වෙලා තියෙනවා. මේ මනංකල්පිතය නැතිනම් ෆැන්ටසිය කියන දේ වටා ඇයි එයාලාගේ නිර්මාණයන් බිහි වුණේ කියන දේ ගැනත් අපි ආකාෂ්ගෙන් විමසීමක් කළා. ඔහුගේ අදහස ඔවුන්ගේ නිර්මාණයන් වගේම සිත්ගන්නා සුළු අදහසක් වුණා.

“…අපි මොනවා හරි ඔලුවේ මවා ගන්නවා කියන්නේ ඒක හැම තිස්සේ ම ෆැන්ටසියක්. මොකද ඒක රියැලිටි එකට ගේන්න කළින් ඒක අයිඩීයා එකක්. රියැලිටිවලට කන්වර්ට් වෙද්දීත් අපි බලන්නේ එන්ටර්ටෙන්ට්මන්ට් කියන ආකාරයෙන් ඒක අපේ ෆිල්ම්වලට ඇතුළත් කරන්න. මම විශ්වාස කරන්නේ ෆිල්ම්වලින් අපිව අපේ ප්‍රශ්නවලින් ඈත් කරලා වෙනම ලෝකයකට අරන් යන සිස්ටම් එකක් හැටියට. ෆැන්ටසි අංග එකතු වෙන්නේ ඔඩියන්ස් එක පිනවන්න තමයි…..”

The Knight Out හී රූපමය අවස්ථාවක් (High School Junkies)

ලංකාව ඇතුළේ සිනමාව ගැන තියෙන්නේ මිශ්‍ර අදහසක්. ඒ අතරින් බොහෝ දෙනා කියන දෙයක් තමයි අපේ රටේ සිනමාව හරි නැහැ, විහිළුවක් කියන කතාව. ගොඩාක් අය ආකර්ෂණය වෙලා ඉන්නේ විදෙස් සිනමාවට. එහි ඇක්ෂන්, ක්‍රයිම්, ත්‍රිලර් සහ සයන්ස් ෆික්ෂන් කියන චිත්‍රපටයන් අතර අපේ රටේ ප්‍රේක්ෂකාගාරය ඇතුළේ ලොකු ආකර්ෂණයක් තියෙනවා. එවන් පසුබිමක් තියෙද්දී The Knight Out කියන අපුරු නිර්මාණය එළියට එන්නේ. මෙයට අපේ රටේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාරය කොහොමද? ආකාෂ්ගේ පිළිතුරු වුණේ මෙවන් දෙයක්.

“….හොඳ ප්‍රශ්නයක්, මෙතෙක් කල් අපි විවිධ ප්‍රේභදවල චිත්‍රපට බැලුවා. හැබැයි අපි කරපු ෆිල්ම්ස් ඔක්කොම (The Knight Out ඇරෙන්න) අපි කරේ ඉංග්ලීෂ්වලින්. මොකද අපි සාමාන්‍ය ඔඩියන්ස් එක නෙමෙයි ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක තමයි ටාගට් කළේ. අපේ ෆිල්ම්ස් දෙකක් (Eidetic සහ Summoning) San Diego Comic Con එකේ ස්ක්‍රීන් වුණා. The Friend ෆිල්ම් එක crytpTV වල පබ්ලිෂ් වුණා. අපිට පිටරටින් සෑහෙන්න ප්‍රතිචාරයක් හම්බ වුණා.

The Knight Out රූගත කිරීම් අතර (High School Junkies)

හැබැයි අපි ශ්‍රී ලාංකිකයෝ. අපේ නිර්මාණයන් ඇමෙරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් විතරක් ප්‍රතිචාරයක් හම්බ වෙලා මදි. ඒ නිසා තමයි අපි The Knight Out (ද නයිට් අවුට්) එක හැදුවේ, එක්ස්පෙරිමන්ට් Film එකක් හැටියට. සාමාන්‍ය ඔඩියන්ස් එකට හදපු නිසාම අපි මේක සිංහලෙන් හැදුවා. ලංකාවේ අංගයන් දාලා. මේක රීලිස් කරනකන් අපි හිතුවේ නැහැ මේකට 50K විව්ස් සතියකින් හම්බ වෙයි කියලා. ඔඩියන්ස් එකේ ප්‍රතිචාරය සෑහෙන්න හොඳයි. ඒකට අපිට හරි සතුටයි. අපි මේ නිර්මාණය කළේ ඒ ඔඩියන්ස් එකට ලංකාවෙත් ඉන්ටර්නැෂනල් ස්ටයිල් එකට ෆිල්ම් කරන්න පුළුවන් කියලා……”

The Knight Out නිර්මාණය අතරතුර (High School Junkies)

High School Junkies ලා ඔවුන්ගේ නිර්මාණාත්මක භාවයෙන් මෙන්ම ලොකු ටීම් වර්ක් එකකින් පස්සේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය වෙත ඔවුන් ඉදිරිපත් කරන පළමු නිර්මාණයෙන්ම ප්‍රේක්ෂකාගාරය තමන්ගේ ග්‍රහණයට ගන්න සමත් වෙනවා. දැන් ඉදිරියට ඔවුන්ට එන්නේ අභියෝගයක්. මොකද සිංහල සිනමාව කියන දේ ගොඩ දාන්න බොහෝ තරුණ නිර්මාණ ශිල්පීන් උත්සාහ කරමින් ඉන්නවා. හොඳ නිර්මාණයන් බිහි වෙනවා. හැබැයි ඒවා ප්‍රේක්ෂකාගාරය බාර ගනීද කියන ගැටලුව ඉතිරි වෙලා තියෙනවා.

මොකද සිංහල සිනමාවට ළං වෙන ප්‍රේක්ෂකාගාරයකට වඩා ඉන්නේ ඈත්වෙන ප්‍රේක්ෂකාගාරයක්. High School Junkies ලා එයාලාගේ නිර්මාණයන් ඉදිරිපත් කරන්නෙත් මේ ඈත්වෙන ප්‍රේක්ෂකාගාරයට. ඉතින් එයාලාට පුළුවන්ද මේ ප්‍රේක්ෂකාගාරය රඳවා ගැනීමට? ආකාෂ්ට හරි අපුරු උත්තරයක් ඒ වෙනුවෙන් තිබුණා.

The Knight Out නිර්මාණ කණ්ඩායම (High School Junkies)

“…. දැන් කාලේ ඔඩියන්ස් එක ඉන්ටර්නෙට් එකත් එක්ක ජීවත් වෙන්නේ. එයාලාගේ ඩිවයිස්වලට ඩවුන්ලෝඩ් කරලා බලන්නේ නෙට්ෆ්ලික්ස් ෆිල්ම්ස්, ටිවී සිරීස්, තනිකර හොලිවුඩ් සහ ලෝක සිනමාවේ නිර්මාණයන්. ඒ වගේ නිර්මාණයන්ට හුරු වුණු ඔඩියන්ස් එකක් රවට්ටන්න බැහැ. එයාලා ලංකාවෙනුත් බලාපොරොත්තු වෙන්නේ ඒ මට්ටමේ නිර්මාණයන්. අපේ අරමුණ තමයි ඒ ගෝල් එක නැත්නම් ඒ ගැප් එක පුරවන එක. අපි හොඳ ඉන්ටර්නැෂනල් මට්ටමේ ප්‍රොඩක්ෂන් කොලිටි එකේ අංගයන් ශ්‍රී ලංකාවෙන් නිර්මාණයන් සමඟ එකතු කළොත් මම විශ්වාස කරනවා අපේ ෆිල්ම්ස්වලට එතනදී අනන්‍යතාවයක් වගේම අපේ ඔඩියන්ස් එකෙන් සපෝට් එකකුත් තියෙයි කියලා……”

The Knight Out හී දර්ශනයක කොටසක් (High School Junkies)

ලංකාවේ සිනමාව වෙනුවෙන් ලොකු විප්වකාරී වෙනසක් කරන්නට පටන් ගෙන තිබෙන High School Junkies ලා එයාලාගේම නිර්මාණයන් තුළින් ඉදිරියට එන ගමනේ දී එයාලා සතුව අපේ රටේ ප්‍රේක්ෂකාගාරය තුළට එයාලාගේ අනන්‍යතාවය විදිහට මොකක්ද ගෙනියන්නේ කියන එකයි අපේ ඊළඟ විමසීම වුණේ, එයට ආකාෂ්ගේ පිළිතුර වුණේ මෙවන් අදහසක්.

“…අනන්‍යතාවය නැත්නම් ස්ටයිල් එක නිර්මාණ ශිල්පියෙකු තීරණය කරනවට වඩා මං හිතන්නේ ඔඩියන්ස් එක තමයි තීරණය කරන්නේ. අනික චිත්‍රපට නිර්මාණකරුවෙකුගේ අනන්‍යතාවය සොලිඩ්ෆයි වෙන්න කාලයක් යනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ කෙටි චිත්‍රපට විතරයි. ෆිචර් එකක් ඉදිරියේ දී එනවා. අපේ අනන්‍යතාවයක් කියලා කිව්වොත් අපේ විෂූවල් සහ සීන් ට්‍රාන්ස්සිෂන් එකේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම චැරැක්ටර්-සෙන්ට්‍රික් ස්ටෝරිස්වලට තමයි මම පෞද්ගලිකවම කැමතියි. ඒ නිසා ඒවා තමා නිර්මාණය කරන්නේ හදන්නේ. ෂෝර්ට් ෆිල්ම්ස්වලට වඩා අනන්‍යතාවය ෆිචර් ෆිල්ම් එකකින් මොකක් වෙයිද කියලා බලන්න පුළුවන් කියලා…..”

The Knight Out හී දර්ශනයක කොටසක් (High School Junkies)

ආකාෂ් කියපු සියලු දේවල් අතරින් පස්සේ අපිට මෙහෙම දෙයක් අහන්න හිතුණා. ෆැන්ටසිය කියන දේ රියැලිටි එකට ගන්නවා කියන එකම ටිකක් අභියෝගාත්මක වැඩක්. මොකද මිනිසාගේ මොළය තුළ සිදුවෙන සංකීරණ ක්‍රියාවලින්වල ප්‍රතිඵලයන් ඒ විදිහටම එළියට ගන්න එක ලේසි නැහැ. මේ අභියෝගයට මුහුණ දෙන විදිහ ගැන ආකාෂ් කිව්වේ මේ වගේ දෙයක්.

“..ෆිල්ම් එකේ විෂූවල්වලින් පෙන්නන්නේ අපේ ටීම් එක මුලින්ම කරමු කියලා ඔලුවේ මවා ගත්ත ෆැන්ටසි එකේ පොඩි ප්‍රතිශතයක් විතරයි. අපි ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරද්දී හිතනවා අපිට මේකට දෙන්න පුළුවන් උපරිමය මොකක්ද කියලා. අනික අපි අපේ ෆිල්ම්ස්වලට ඉන්ෂ්පිරේෂන් එක ගන්නේ ඉන්ටර්නැෂනල් ෆිල්ම්ස්වලින්. එතකොට අපිත් ට්‍රයි කරන්නේ ඒ ලෙවල් එක රීච් කරන්න නැත්නම් අපි අභියෝග ගොඩාක් සුපර් පාස් කරලා යම්තාක් දුරට අපේ ෆැන්ටසිය රියැලිටි එකක් කරගෙන තියෙන්නේ….”

The Knight Out නිර්මාණය

ෆැන්ටසිය කියන දේ තුළම රැඳිලා එතතින් එහාට නැත්නම් රියැලිටි එකේ නිර්මාණයක් අපිට High School Junkies ලාගෙන් දකින්න ලැබෙයිද? අපි ඒ ගැන විමසීමක් කරන්නත් අමතක කළේ නැහැ. ආකාෂ් එයටත් අපිට පිළිතුරක් ලබා දුන්නා.

“….අනිවාර්යෙන්ම අපේ ෆිචර් ෆිල්ම් එකේ ෆැන්ටසි අංගයන් ඇත්තටම නැහැ. එකේ තියෙන්නේ සාමාන්‍ය ස්ටෝරි එකක් සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන. වැඩි විස්තර කියන්න තමා විදිහක් නැහැ මොකද අපි එකේ වැඩ කරගෙන යන ගමන් ඉන්නේ…”

ඉතින් ඔය විදිහට තමයි ෆැන්ටසියේ ලාංකීයකරණය සිදු කරමින් අපේ රටේ තරුණ පිරිසක් විසින් විශිෂ්ට සිනමා නිර්මාණයක් සිද්ධ කරන්නේ. ඉතින් ඔවුන්ගේ Youtube Channel එක Subscribe කරලා තියා ගන්න. ඉදිරියේ දී ඔවුන්ගේ අපුරු නිර්මාණයන් බොහෝමයක් ඔබට දකින්න පුළුවන් වෙයි. අපෙන් ඈතට යන අපේ සිංහල සිනමාවත් ඔවුන් විදේශීය සිනමාව සමඟ කරට කර දක්වා රැගෙන යාවි.

ඉතින් The Knight Out ගැන ඔබට හිතෙන දේ කමෙන්ට් එකකින් කියන්නත්. ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.

මෙම ලිපිය තුළ පළවී ඇති සියලු ඡායාරූපයන්වල අයිතිය High School Junkies කණ්ඩායම සතු වේ.

10+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page