රෝස මල් කියන රහස් – The Secret Of The Rose

රෝස මල් කියන රහස් – The Secret Of The Rose

සිංහල සිනමාව බොහෝ දෙනෙකු අභාවයට යමින් ඇති බව පවසන මොහොතක තරුණ නිර්මාණකරුවන් බොහෝ පිරිසක් දැන් ඔවුන්ගේ අපුරු නැවුම් මෙන්ම ජාත්‍යන්තර තලයේ නිර්මාණයන් සිංහල සිනමාව වෙතට දයාද කරමින් තිබෙනවා. ඒ වගේම ඒ නිර්මාණයන්වලට අපේ සිනමාශාලාවලින් ගැලවී යන ප්‍රේක්ෂකයන් නැවතත් ඒවාට ඇද ගැනීමේ හැකියාවත් ලැබී තිබෙනවා.

ඉතින් මෙවර නිතත කථා සල්ලාපය තුළින් ඉහත වගකීමට උර දී සිටින තවත් තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන ඉරාන් ගොඩමුණේ සමඟ ඔහුගේ නවතම නිර්මාණය වන The Secret Of The Rose – රෝස රහසක් පිළිබඳව කතා කරන්න හිතුවා.

ඉරාන් ගොඩමුණේ රෝස රහස චිත්‍රපටය නිර්මාණය කිරීම් අතර

අපේ කථා සල්ලාපය ආරම්භ කරන්න හොඳම තැන වුණේ ඉරාන්ගේ මේ අපුරු නිර්මාණය කිරීමේ අදහස ඔහුට ආවේ කොහොමද කියන කතාවත් සමඟයි. ඉතින් අපි ඔහුගෙන් විමසීමක් කළා රහස් කියන රෝස රහස නිර්මාණය වුණේ කොහොමද කියලා

“….මම මගේ යෞවන කාලයේ ඉඳන් ගොතික් සහ ක්ලැසික් ෆිල්ම්වලට ගොඩාක් ආස කරපු කෙනෙක්. ඒක මගේ ස්ටයිල් එක කියන්නත් පුළුවන්. දැන් අවුරුදු 16ක් වෙනවා ෆිල්ම් එකක් කරන්න තිබුණු ආසාවට. ඉතින් ඒ නිසා මේ වගේ ටයිප් එකක් කරා…”

හීන දකින්න ඕන ඒවා හැබෑ වෙන්න. ඉරාන් එයාගේ ජීවිතේ හොඳ වයසේ උනන්දුව තියෙන වයසේ දෙයක් කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් වයසේ දී එයාගේ අරමුණ නිර්මාණය කරගෙන අද වෙද්දී සිනමාව තුළ පෙරළියක් කරන්න පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා.

රෝස රහස චිත්‍රපටයේ පෝස්ටර් එකක්

ඉතින් ඔහු ඒ විදිහට චිත්‍රපටයක් නිර්මාණය කරද්දී තරමක් අභියෝගාත්මක දෙයක් තමයි තිර රචනය කියන දේ. චිත්‍රපටයක් නිර්මාණය වෙන පාදම විදිහටත් මේ තිර රචනය නම් කරන්න පුළුවන්. ඉරාන් කොහොමද චිත්‍රපටයේ තිර රචනය කියන අභියෝගයට මුහුණ දුන්නේ? ඒ ප්‍රශ්නය තමයි ඊළඟට අපි ඔහු වෙත යොමු කළේ

“….ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක මම තනියම ලිව්වා 2014 දී. මම ඒ දවස්වල ෆිල්ම් සබ්ජෙකට් එක කළා. එහෙම නැත්නම් ආර්ට් එක ගැන ස්ටඩි කරන කාළේ (තවමත් ස්ටඩි කරනවා) ඒ ලියපු ස්ක්‍රීප්ට් එක වැඩිහිටයන්ට පමණයි කියන පැත්තට බර වැඩි වුණා. පස්සේ 2015 දී විතර ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වන චන්ද්‍රරත්න මාපිටිගම එක්ක මම ස්ක්‍රීප්ට් එක ලිව්වා. ෆිල්ම් එකක් යනු “ඉවෙන්ට්” එකක් කියන එක ගොඩාක් විශ්වාස කරන කෙනෙක් මම,

2017 දී ශූටින් පටන් ගන්න ප්ලෑන් කරලා තිබුණේ, පස්සේ මට ටිකක් වෙනස් කරන්න හිතුණා විශේෂයෙන්ම එන්ඩින් එක. 2018 දී මූලික නිර්මාණයන් පටන් අරගෙන 2019 මැද වෙද්දී රූගත කිරීම් ආරම්භ කළා…..”

රෝස රහස චිත්‍රපටයේ පෝස්ටර් එකක්

චිත්‍රපටයේ තිර රචනයෙන් පස්සේ ඊළඟට වැඩිම අවධානයක් දෙන්නේ රූපමය පැත්තට හරියටම කිව්වොත් විෂූවල් පැත්තට. ලෝකයේ විෂූවල් නිර්මාණය ගත්තාම ඒ සඳහා වැඩිම අවධානයක් දෙන අධ්‍යක්ෂකවරයෙකු ලෙස Zack Snyder කියන අධ්‍යක්ෂකවරයාව නම් කරන්න පුළුවන්. ඉරාන් කියන්නේ ඔහුගේ හොඳ රසිකයෙක්. ඉතින් සැක් වැනි අධ්‍යක්ෂකවරුන් වගේ ඉරානුත් ඔහුගේ රූපමය රචනාවට ලොකු අවධානය යොමු කරලා තිබුණා. ඔහු ඒ ගැනත් මේ සංවාදයේ දී කිව්වා.

“….වොච්මන් කියන්නේ මගේ ටොප් 10 මූවිස්වල ඔෆ් ඕල් ටයිම්ස් වල කැමතිම එකක්. මම ෆේරේමින් ඇන්ඩ් ස්කේලින්වලට ගොඩාක් කැමතියි. තව කලර් පැලට් භාවිතය, යුනික් ෆිල්ම් මේකර් කෙනෙක්. මම ගොඩක් ඉන්ෂ්පයර් වුණේ ඇල්ෆඩ් හිච්කොක් ගේ “Psycho” කුබ්රික්ගේ “Eyes Wide Shut” කියන චිත්‍රපටවලින්…”

වින්ද්‍යා මඩපාත, රොෂාන් රවින්ද්‍ර සහ රොෂාන් රණවන

ඉරාන් ඔහුගේ ප්‍රියතම සිනමා නිර්මාණකරුවන්ගේ උත්සාහයන්වල ලක්ෂණයන් තමන්ගේ ම ක්‍රමයකට රෝස රහස චිත්‍රපටය තුළට අනිවාර්යෙන්ම භාවිත කරලා ඇති. ඒ වගේම ඒ භාවිතය අපිට චිත්‍රපටය තුළ වෙනස්ම අත්දැකීමක් ද ගොඩනගන බව නම් විශ්වාසයි. සංවාදය තුළ අපි ඒ ගැනත් ඔහුගෙන් විමසීමක් කළා

“…..ඔව් නමුත් දැන් ගොඩාක් තරුණ ෆිල්ම්මේකර්ලා ගොඩාක් හොලිවුඩ්වලින් තමයි ඉන්පරේෂන් එක ගන්නේ. Secret Of The Rose හොලිවුඩ් ස්ටයිල් එකෙන් වගේම කැලිසික් ඕල්ඩ් ෆැෂන් එකෙන් ශූට් කරපු එකක්….”

රොෂාන් රවින්ද්‍ර රෝස රහස චිත්‍රපටය රූගත කිරීම් අතර

තිර රචනය, රූප රචනයෙන් පස්සේ ඉරාන් වෙතට අපි යොමු කළ ඊළඟ ප්‍රශ්නය වුණේ චිත්‍රපටයක තවත් සුවිශේෂි වැදගත්ම දෙයක් වන කාස්ට් එක නැත්නම් රංගන ශිල්පින් ගැනයි. රෝස රහස චිත්‍රපටයේ රංගන ශිල්පීන් තෝරා ගත්ත විදිහත් ඇයි එයාලාව තෝරා ගත්තේ කියන එකටත් ඔහුගේ පිළිතුර වුණේ මෙවන් අදහසක්

“…කාස්ටින් කියන්නේ ඉම්පෝර්ටන් දෙයක්. මොන කැමරා ඇන්ගල් එකෙන් ගැහුවත් ස්ක්‍රීන් එකේ චරිත නිරූපනය කරන රංගන ශිල්පීන්. මේන් රෝල් එකට මම ඇක්ටර් කෙනෙක් තේරුවේ නැහැ. මම ඉස්සලා රොෂාන් රවින්ද්‍රට කතා කරලා චැරැක්ටර් එක ගැන විස්තර කරලා චැරැක්ටර් ඔහුටම ලිව්වා. නව චරිතවලට ඔඩිෂන් 20ක් විතර කරා….”

රොෂාන් රවින්ද්‍ර ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වීමම කුතුහලය උපදවන දෙයක්. ඉරාන් රොෂාන් රවින්ද්‍ර කියන රංගන ශිල්පියාගෙන් කුමන ආකාරය දෙයක් කරාද කියන එක රෝස රහස වගේම රහසක්. ඒ වගේම ඉරාන් ඔහුගේ සිනමාපටයෙන් නවක මුහුණුවලටත් අවස්ථාව දීලා තියෙනවා. ඒක නම් විශිෂ්ට බව කියන්න ඕන.

ඉරාන් ගොඩමුණේ වින්ද්‍යා මඩපාත සහ රොෂාන් රවින්ද්‍ර

සිංහල සිනමාව කඩා වැටිලා ඒක ගොඩ දාන්න බැහැ කියන මතයක් නිර්මාණය කරන්න බොහෝ පිරිසක් උත්සාහ කරමින් ඉන්නවා. ඔවුන් බොහෝ විට සීමා වෙලා ඉන්නෙත් හොලිවුඩ් සිනමාවටම විතරයි. එවන් වටපිටාවක් නිර්මාණය වීම නිසා සමහර ප්‍රේක්ෂකයන් සිංහල සිනමාවෙන් ඈතට වෙන්න අරගෙන. එවන් තත්ත්වයක් උද්ගත වී ඇති අවස්ථාවක රෝස රහස චිත්‍රපටයට පුළුවන්ද ඒ මතයන් කතාවන් බිඳ දාලා ප්‍රේක්ෂකයන් සිනමාහල් වෙත රැගෙන එන්න? ඉරාන්ට අපි ඊළඟට යොමු කළේ ඒ ප්‍රශ්නයයි.

“….. ඔව්, මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් ඒක තියෙන්නේ ඔඩියන්ස් එක අතේ. හේතුව මම මේක එවොර්ඩ්ස් වෙස්ටිවල් හදපු එකක් නෙමෙයි. ඔඩියන්ස් එකට හදපු එකක්. මට ඕන වුණේ ඔඩියන්ස් එකට ඉන්ටරෙස්ටින් බලාගෙන ඉන්න පුළුවන් ෆිල්ම් එකක් හදන්න. ටිකට් එකේ සල්ලිවලට සාධාරණයක් කරන්න. රෝස රහස් කියන්නේ ෆිල්ම් ඉවෙන්ට් එකක්….”

අවසාන වශයෙන් අපි ඔහුගෙන් ටිකක් වෙනස් දෙයක් අහන්න හිතුවා. ඒ ප්‍රශ්නය වුණේ ඇයි ප්‍රේක්ෂකයන් Secret Of The Rose – රෝස රහස චිත්‍රපටය නැරඹිය යුත්තේ? කියන එකයි. ප්‍රේක්ෂකයාට මෙහි ඇති සුවිශේෂිත්වය දැන ගැනීම අපේ ඒ ප්‍රශ්නය යොමු කිරීමේ අදහස වුණා.

“.. ලංකාවේ ගොතික් පැත්තට බර ෆිල්ම් එකක් හැදුණේ මේ පළවෙනි පාරට. රෝස රහස් ටිකක් වෙනස් වැඩක්. මම ටිකක් වෙනස් වැඩක් කරන්න ට්‍රයි කරපු තරුණ නිර්මාණකරුවෙක්. ප්‍රේක්ෂකයාගේ සපෝර්ට් එක නැති වුණොත් අලුත් වැඩ වෙන එක අඩුවෙයි. මොකද මේ කාලය අලුත් වැඩ ගොඩාක් වෙන කාලයක්. පුටුවෙන් නැගිටින කොට කුතුහලයක් නැති වුණත් ගොඩාක් දේවල් ගැන හිතෙයි, පොඩි කඳුලකුත් එක්ක……”

රෝස රහස චිත්‍රපටයේ පෝස්ටර් එකක්

ඉතින් ඉරාන් ගොඩමුණේ කියන තරුණ චිත්‍රපට නිර්මාණ ශිල්පියා ඔහුගේ අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ පුංචි ඉල්ලීමක් එක්ක. ඒ ඉල්ලීම ඔබට තේරෙයි කියලා හිතනවා. ඉතින් අපේ මේ රටේ සිනමාව ජාත්‍යන්තර තලයට සමාන කළ හැකි නිර්මාණයන් බිහි වුණත් එයට ඔබෙන් ලැබෙන සහාය මතයි ඒ හැමදෙම තීරණය වෙන්නේ.

එසේ නම් ඉරාන් ගොඩමුණේ ඔබ වෙතට නැවුම් වු වෙනස්ම වූ අත්දැකීමක් ගෙනත් තියෙනවා. චිත්‍රපටයේ කතාව රෝසමල් කියන රහසක් මෙන් ඉතිරි කරලා ඔබටම එය නරඹන්න තියලා අපි මේ සංවාදය කළේ. “Secret Of The Rose – රෝස රහස” චිත්‍රපටය ළඟදීම ඔබේ සිනමාහල්වලදී තිරගත වේවි, ඉතින් ගිහින් නරඹන්න, අත් විඳින්න සොඳුරු කතාවක්. ඔබ ඔහුගේ උත්සාහය අගයක් එකතු කළහොත් ඔහු අතින් තවත් විශිෂ්ට නිර්මාණයන් නිර්මාණය වනු ඇත.

ඔබට හැඟෙන දෙයක් තියෙනවා නම් පහළින් කමෙන්ට් කරන්නත් ලයික් කරන්නත් අමතක කරන්න එපා.

7+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page