බ්‍රිතාන්‍ය මහ රැජිණ කාර්මික ශිල්පිනියක් වූ හැටි

බ්‍රිතාන්‍ය මහ රැජිණ කාර්මික ශිල්පිනියක් වූ හැටි

බ්‍රිතාන්‍ය මහ රැජිණ කියන්නේ කාර්මික ශිල්පය ගැන හොඳ අවබෝධයක් තියෙන තැනැත්තියක්. ඇයට ට්‍රක් රථයක් වුණත් දෝෂයක් හඳුනාගෙන ඒවාට පිළියම් යොදන්න පුළුවන්. මේ දේවල් ඇය ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ කාර්මික ශිල්පිනියක් ලෙස සේවය කරන කාලයෙයි.

වර්ෂ 1939 කියන්නේ දෙවන ලෝක යුද්ධයේ ඉතාමත් උණුසුම්කාරී අවදියක්. සතුරා හමුදා යානා එංගලන්තයේ අහස උඩිනුත් පියාසැරියේ යෙදුණා. මේ නිසාම රාජකීයේ පවුලේ ආරක්ෂාවට සහ ඔටුන්න හිමිකුමරියන්ගේ ආරක්ෂාව උදෙසා එලිසබෙත් කුමරියටත්, ඇයගේ මවටත් (රැජින) සහ ඇයගේ සහෝදරියටත් කැනඩාවේ තිබූ ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙස පවසා සිටිනවා.

නමුත් රැජිණ එය ප්‍රතිකේෂ්ප කරන අතර කුමරියන් දෙදෙනාව විවිධ මාලිගාවන් හී තබමින් ඇය බකිංහැම් මන්දිරයේ සිට යුද්ධය දියත් කිරීමට අවශ්‍ය දේවල් සපයා දුන්නා. මේ සිදුවීම් වෙද්දී එලිසබෙත් කුමරියට වයස අවුරුදු 13ක්. 1945 වසරේ දී යුද්ධයේ උණුසුම වැඩි වුණා වගේම එලිසබෙත් කුමරියට වයස අවුරුදු 18ක් සම්පුර්ණ වුණා.

රැජින තමන්ගේ දියණියේ හැකියාවන් නිරීක්ෂණය කරමින් (Rarehistoricalphoto.com)

වයස අවුරුදු 18ක තරුණියක් වීම නිසාම ඇයට තමන්ගේ තීරණ ස්වාධීනව ගැනීමට ඇය පෙළඹුනා. ඒ අනුව ඇය රාජකීය පවුලෙන් කළ ඉල්ලීමක් මත එරට රාජකීය හමුදාවට එකතු වෙන්නේ දෙවන ලුතිනන්වරයෙකු ලෙසයි. ඇයගේ පියා රාජ්‍ය රජතුමා වුණත් ඇයට හමුදාව තුළ විශේෂ වරප්‍රසාදයන් හෝ ඉහළ තනතුරු නම් ලැබුණේ නැහැ. ඇය රාජකීය පවුලේ සාමාජීකාවන් අතර යුද්ද සමයේ වඩාත් කාර්යශීලීම තැනැත්තිය බවටද පත්වෙනවා.

18 හැවිරිදි එලිසබෙත් කුමරිය වාහනයක් අලුත්වැඩියා කරමින් (Rarehistoricalphoto.com)

1945 වසරේ දීම ඇයගේ පුහුණු වීම් ආරම්භ කළ අතර ඇය යුද මෙහෙයුම්වලට සම්බන්ධ වුණේ නැහැ. කුමරිය ඒ වෙනුවට රියැදුරු අංශයෙන් වගේම කාර්මික ශිල්පිනියක් ලෙස යුධ රථ අලුත්වැඩියාව වැනි කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් ඇයගේ මහන්සියෙන්ම ඇය ජූනියර් කමාන්ඩර් තනතුරක්ද ලබා ගන්නවා. ඇයත් සමඟ සේවය කළ අය අතර වින්ස්ටන් චර්චිල්ගේ දියණියද සේවය කළා.

නමුත් එලිසබෙත් රැජිණ ඇයගේ විවේකී කාලය කිසිම විටක යුද කඳවුරු තුළ ගත නොකළ බවත් සඳහන් වෙනවා.

3+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page