ටෙස්ලා සහ එඩිසන්ගේ විදුලි තරගයට බිලි වූ ඇතින්නිය

ටෙස්ලා සහ එඩිසන්ගේ විදුලි තරගයට බිලි වූ ඇතින්නිය

මිනිසාගේ කෲරත්වය සහ මිනිසාගේ නිර්මාණශිලිත්වයට කළ හැකි ඛේදජනක දේවල් පිළිබඳව ලෝකයට තවමත් හරි හැටි අවබෝධයක් ඇතැයි සිතිය නොහැකිය. මේ කියන්නට යන කතාව තුළ ඇත්තේද එවන්නක⁣ට නිදසුනකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යොර්ක් නුවරට අග්නිදිග ආසියාවේ සිට ඇත් පැටවෙකු රැගෙන එනවා. ටොප්සි යන නාමය මෙම ඇත් පැටවාට ලැබුණු අතර, මෙම ඇත් පැටවා ගැහැණු සතෙකු වූවා.

වසර 25ක කාලයක් විවිධ වද බන්ධනවලට ලක් වූ ඇය පසුව සර්කස් එක තුළ සාර්ථක චරිතයක් වූ අතර, ඇය ඉතාමත් භායනක බවටද විරුදාවලියක් ලබා ගැනීමටද සමත් වුණා.

ටොප්සි ඇතින්නිය සේවය කළ සර්කස් එකේ පෝස්ටර් එකක් (The Vintage News)

1902 දී ඇයගේ බීමත් පුහුණුකරුවා ඝාතනය කිරීමට ඇය කටයුතු කිරීමත් සමඟ තමයි ඇයව කොනි අයිලන්ඩ් හී සර්කස් කණ්ඩායම වෙත විකුණා දමනු ලබනවා. එහිදී ද කිහිප වරක්ම ප්‍රචණ්ඩත්වය පිළිඹිබු වන අයුරින් ටොප්සි හැසිරෙන්නට පටන් ගන්නවා. ඒ සියල්ලටම හේතුව වුයේ ඇයට දිගින් දිගටම එල්ල වූ වද බන්ධනයි.

අවසානයේ ඇයගේ ඉරණම තීන්දු කිරීමට සර්කස් හී අයිතිකරුවන් දෙපළ වූ තොම්සන් සහ ඩන්ඩි විසින් තීරණය කරනු ලබනවා. ඇයට ලබා දෙන මරණ දඬුවම කෲර එකක් නොවිය යුතුයැයි ඔවුන් සිතුවත්, ඔවුන්ගේ තීරණය ඉතිහාසය තුළ ලබා දුන් කෲරතම දඬුවම ලෙසද ලියැවී තිබෙනවා.

ටොප්සි ඇතින්නිය ඝාතනය කිරීමට සුදානම් කරමින් (The Vintage News)

ඒ අනුව ටොප්සි හට වස ලබා දී, ගෙල සිර කොට, විදුලි සැර වද්දා ඝාතනය කිරීමට ඔවුන් තීරණය කර තිබුණි. වර්ෂ 1902 වසරේ ඔක්තොම්බර් මාසයේ දී පොටෑසියම් සයිනයිඩ් අඩංගු කැරට් අල ඇයට කෑමට දී, ගෙල වටා දැඩිව හිරවෙන ලෙස කඹයක් දමා ඇයගේ පාදවලට ඉලෙක්ට්‍රෝඩ සවි කොට විදුලි සැර වද්දා ඝාතනය කළේය. එහිදී ඇයගේ ශරීරයට වොට් 6,000ක් විදුලි සැරයක් වැද්දු බව සඳහන් වෙයි.

ඇයගේ ශරීරයට විදුලි සැර වදින විට දැඩි ලෙස වේදනාකාරීව ඇය කෑ ගැසූ බවත්, දෙපා ⁣විදුලි සැරට පිළිස්සී ගිය බවත්, ඉන් අනතුරුව ඇය මැරී වැටුණු බවත් සඳහන් වෙයි.

මිය ගිය ටොප්සි ඇතින්නිය (Pinterest)

මෙම මරණය සඳහා විදුලි බලය හේතුවීමට නිකලෝ ටෙස්ලා සහ තොමස් එඩිසන් අතර තිබූ එදිරිවාදීකම් හේතු වූ බව බොහෝ පිරිසක් සඳහන් කරයි. එක් පසකින් තෝමස් එඩිසන්ගේ සෘජු ධාරා (ඩීසී) විදුලියත්, අනෙක් පසෙන් නිකොලා ටෙස්ලා සහ ජෝර්ජ් වෙස්ටිංහවුස්ගේ ප්‍රත්‍යාවර්ත ධාරා (ඒසී) විදුලියත් මෙම විදුලි යුද්ධයේ පැටලී තිබුණි. දෙපිරිසම තමන්ගේ විදුලි ක්‍රමවේදය ආරක්ෂිත සහ නිවැරැදි ක්‍රමවේදය බවට පෙන්වීමට දැඩි සටනක නිරතව සිටියේය.

තෝමස්ගේ සෘජු ධාරා විදුලියට වඩා ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය එකළ ඇමෙරිකාව තුළ වඩාත් ජනප්‍රියත්වයට පත්වීම නිසාම තෝමස් එඩිසන් හට තමන්ගේ ප්‍රතිවාදීන්ව අපකීර්තියට පත් කරමින් තමන්ගේ නිර්මාණය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය වූ බව සඳහන් වෙයි.

ටෙස්ලා සහ එඩිසන් (Howstuffwork)

තෝමස් විසින් දිගින් දිගටම ටෙස්ලාගේ විදුලි බල නිර්මාණය ගැන ප්‍රශ්න කිරීමට පටන් ගත් අතර ඒවා කෙතරම් භයානකද යන්න නිතරම ඔහුට ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය වූ අතර ඒ නිසාම ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය භාවිත කරමින් විවිධ භායන පර්යේෂණ ඔහු විසින් සිදුකරන්නට විය. ඒ අනුව ඔහු විසින් සුනඛයන්, අශ්වයන් වැනි සතුන් ප්‍රත්‍යාවර්ත ධාරා විදුලියට නිරාවරණය කොට මැරෙන්නට ඉඩ හැර ප්‍රකාශ කර සිටියේ ටෙස්ලාගේ විදුලිය තුළින් ඕනෑම කෙනෙකු ක්ෂණිකව මරණයට පත් කළ හැකි බවයි.

එඩිසන්ගේ කෲර අදහස ක්‍රියාත්මක කිරීමට ඔහු හොඳම අවස්ථාව කරගත්තේ ටොප්සි ඇතින්නියගේ ඝාතනයයි. ඔහුට එහිදී අවශ්‍ය වුණේ ටෙස්ලාගේ විදුලි සංකල්පය ඇතෙකු එක් ක්ෂණිකයෙන් මරණයට පත් කිරීමට හැකි නම් එය මිනිසාට කෙතරම් භයානකද යන්න පෙන්වීමයි.

ටොප්සි ඇතින්නිය ඝාතනය කළ අයුරු (Stockvideo100)

එඩිසන් අවසානයේ ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්ත ධාරා විදුලිය යොදාගෙන ටොප්සි ඇතින්නියව ඝාතනය කළ අතරම එය වීඩියෝ ගත කිරීමටද කුඩා සිනමා නිර්මාණ ශිල්පීන් පිරිසක් ද කුලියට ගත්තේය.

10+
avatar
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page