ඕපාදූප කී බිරිඳැවරුන්ට මධ්‍යකාලීන යුගයේ දුන් දඬුවම

ඕපාදූප කී බිරිඳැවරුන්ට මධ්‍යකාලීන යුගයේ දුන් දඬුවම

තරුණවියේ හෝ මහළු වියේ වූවත් කාන්තාවන් එකට එකතු වූ අවස්ථාවන්වලදී සමහර කාන්තාවන් කේලම් කීම ඕපාදූප කතා කිරීම පුරුද්දකි. එය අද කාලයේ පමණක් නොව අතීතයේ ද එලෙසම පැවැතුණි. නමුත් එය අද මෙන් නොව එදා ගෞරවය කෙලසන වැඩක් ලෙස පරුෂයන් විසින් සිතූ අවස්ථාවන් බොහෝමය. ඒ නිසාම එයට අපූරු දඬුවමක් ද නිර්මාණය කර තිබුණි.

ස්කොල්ඩ්ගේ කටකලියාව පැළැඳු කාන්තාවක්

ස්කොල්ඩ්ගේ කටකලියාව (The Scold’s Bridle) නම් උපකරණය මේ දඬුවම ලබා දීම සඳහා යොදා ගනී. යකඩ පටිවලින් හා හම් පටිවලින් නිර්මාණය කර ඇති මෙය අශ්වයෙකුට දමන කටකලියාවට තරමක් සමානය. හිස ආවරණය වෙන ලෙස මෙය පළඳා එහි ඇති යකඩ කොටසක් දිවට සිරවෙන සේ දමයි. ඒ නිසාම එය පළඳින කෙනාට කතා කිරීමට නොහැකිය.

මධ්‍යකාලීන යුගයේ දී මෙම දඬුවම යුරෝපය තුළ ක්‍රියාත්මක වූ අතර මැදි වියේ පසු කාන්තාවන් බොහෝ දෙනෙකු මෙම දඬුවමට හසුවිය. මෙහි විශේෂත්වය වන්නේ මෙම දඬුවම ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් වීමයි. ඕපාදූප කතා කරමින් සිටියද හසු වුවහොත් මෙම කටකලියාව පළඳවා ඔවුන්ව ප්‍රසිද්ධියේ තබමින් නින්දාවට සහ විහිළුවට පත් කිරීම මෙම දඬුවම මඟින් ක්‍රියාත්මක කෙරුණි. එය පැළැඳ සිටින කාලය තීරණය කරනු ලබන්නේ ද ස්වාමි පුරුෂයා විසිනි.

මෙම ස්කොල්ඩ්ගේ කටකලියාව (The Scold’s Bridle) නාමය නිර්මාණය වී තිබෙන්නේ කොටස් දෙකක් එකතුවෙමිනි. Scold යන වචනයෙන් කට සැර ස්ත්‍රී (කාන්තාවන්ට අපහාස කිරීමට යොදා ගත් යෙදුමකි) යන අර්ථය දෙන අතර Bridle යන්නෙන් අශ්වයන්ට දමන කටකලියාව කියැවේ. කට සැර ස්ත්‍රීයගේ කටකලියාව යන්න එහි අරුතයි.

මධ්‍යකාලීන යුගයේ යුරෝපය සහ බටහිර රටවල මුල්බැස ගෙන තිබූ ක්‍රිස්තියානි ධර්ම මූලික කරගත් පාලන ක්‍රමය තුළ දී මෙම දඬුවම් ක්‍රමය හඳුන්වා දී තිබුණි. කෙනෙකුගේ පාපයක් සමා කළ හැක්කේ ශරීරයට අධික වද දීමෙන් බව එකළ විශ්වාසයක් වූ අතර මෙම දඬුවමත් එමඟින් ක්‍රියාත්මක වූවකි.

මෙම කටකලියාව පැළැඳ සිටින කාන්තාවක් කතා කිරීමට උත්සහා කළහොත් ඇයගේ දිවට හිරකර තිබෙන යකඩ පට්ටම නිසා දිව කැපී යාමටද හැකිය. මෙය පසුව ක්‍රමයෙන් වහලුන්ව පාලනය කිරීම සඳහා යොදා ගැනුණු අතර 19 සියවස දක්වාම එය දඬුවමක් ලෙස ක්‍රියාත්මක විය.

නමුත් යුරෝපය තුළ නව සමාජ ක්‍රමයන් බිහි වීම දර්ශනවාදී අදහස් වැනි දේවල් බිහි වීම නිසා මෙම දඬුවම් ක්‍රමයන් නැති වී ගිය අතර එය අවසානයේ වහලුන්ට පමණක් සීමා විය. නූතනයේ ස්කොල්ඩ්ගේ කටකලියාව භාවිතා නොවුණද, ප්‍රසිද්ධියේ අපහස කිරීම් වැනි දඬුවම් ක්‍රමයන් තවමත් ක්‍රියාත්මක වේ.

8+
avatar
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page