ඉන් ටූ ද වයිල්ඩ් (Into The Wild)

ඉන් ටූ ද වයිල්ඩ් (Into The Wild)

ක්‍රිස් මැකන්ඩ්ලස් කියන තරුණයා 1990 වසරේ දී ඔහුගේ උසස් අධ්‍යාපනය ලබලා ඉවර වුණාම වෙනස්ම සිහිනයක් දකිනවා. ඒ අනිත් තරුණයන් දුටු හොඳ රැකියාවක්, බිරිඳක් එක්ක පුංචි පවුලක් හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන එක නම් නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ සිහිනයක්.

ඔහුගේ සිහිනය වුණේ සියලු දේවල් අත්හැරලා දාලා දිගු සංචාරයක් සඳහා යන්න. ඔහුගේ අවසාන නවාතැන්පොළ ලෙස ඇලෙස්කාවේ වනාන්තරය ඔහු තෝරාගෙන තිබුණා. ඔහුගේ ගමන් මඟ ත්‍රාසජනක මෙන්ම බිහිසුණු එකක් වුණු අතර ඔහු මේ ගමන ආරම්භ කරන්නේ ඔහුට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ දෙමාපියන් අරන් දුන්නු භාවිත කරන ලද කහ පැහැති ඩස්ටන් වර්ගයේ කාර් රථයෙන්.

ක්‍රිස් මැකන්ඩ්ලස් තමන්ගේ ජීවිතයේ වෙනම ආධ්‍යාත්මික සුවයක් පැතූ ඔහු එය සුන්දර වන්පෙත් තුළින් සොයන්නට වුණා. ඔහුගේ ජර්නලය තුළ වනාන්තර තුළ තිබු සුන්දරත්වය සහ සුවය පිළිබඳව ඉතාමත් අපුරු සටහන් ඔහු විසින් ලියා තිබුණා. නමුත් ඔහුගේ ගමන සිතූ ලෙස අවසන් වන්නේ නැහැ. 1992 වසරේ සැප්තැම්බර් 06 වැනිදා මිය ගොස් සිටි ක්‍රිස් මැකන්ඩ්ලස්ගේ ශරීරය සොයා ගන්නවා.

2007 වසරේ දී ඉහත කතාව රැගත් චිත්‍රපටය වූ ඉන් ටූ ද වයිල්ඩ් (Into The Wild) චිත්‍රපටය නිර්මාණය වන්නේ සැබෑම කතාවක් වූ ක්‍රිස්ටෝපර් ජෝන්ස් මැකන්ඩ්ලස් නම් තරුණයාගේ වසර 02ක බිහිසුණු මෙන්ම ත්‍රාසජනක චාරිකාව රැගත් ඔහුගේ ජර්නලය පාදක කරගනිමිනි.  ඔහුගේ ජර්නලය පසුව කෘතියක් ලෙසද ලියා තිබේ.

විනාඩි 148ක් පුරාවට ඇදී යන මෙම චිත්‍රපටය නිර්මාණය කරනු ලබන්නේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන ෂෝන් පෙන් විසිනි. මෙම චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් වියදම් කර ඇති අතර ලැබූ ආදයම ඇමෙරිකානු ඩොලර් මිලියන 56කට අධිකය. ජාත්‍යන්තර චිත්‍රපට දත්ත එකතුවේ (IMDb) හොඳම චිත්‍රපට 250ට ඇතුළත් කර ඇති මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක මනාපයන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ද හිමිකරගෙන තිබේ. 2008 ඔස්සකාර් සම්මාන සඳහා ද නිර්දේශ වූ අතර එම වසරේම ගෝල්ඩන් ග්ලෝබ්ස් හී හොඳම සංගීත නිර්මාණය සඳහා සම්මනායන් දිනාගනු ලැබීය.

මෙම චිත්‍රපටය තරමක් සුවිශේෂීය. එම සුවිශේෂීත්වයට හේතුව වු‍යේ මෙම චිත්‍රපටය නැරඹූ සහ ක්‍රිස්ගේ දිනපොත කියවූ තරුණ පරපුර යම් උන්මාදයකට පත් කිරීමට සමත් වීමය. ක්‍රිස්ගේ ඔහුගේ ජීවිතයේ චාරිකාව තුළ ලැබූ බිහිසුණු ත්‍රාසජනක අත්දැකීම විඳ ගැනීමට තරුණ පිරිස දැඩි ලෙස ආශා කරන්නට විය. එම තරුණ පිරිස තුළ එම හැඟීම් ඇති කිරීමට මෙම චිත්‍රපටය විශාල හේතුවක් වූ බව සඳහන් වේ.

ඔවුන්ගේ බොහෝ දෙනා ක්‍රිස් ඔහුගේ ජීවිතයේ අවසන් දින කිහිපය ගත කළ ආකාරයට තමන්ගේ අත්දැකීම ලබා ගැනීමට උත්සාහ කිරීමට උත්සාහ ගත් අතර ඉන් සියලුම දෙනා වාගේ මරණය ආසන්නයටම ගිය අනතුරුවලට මුහුණ දුන්නේ ය. අවසානයේ බලධාරීන් පවා මෙම අත්දැකීම ලබා ගන්නට පැමිණෙන සංචාරකයන්හට අවවාදයන් කළද ඔවුන් ඒවා නොතකා ක්‍රිස් මිය ගොස් සිටි පැරැණි කොන්වර්ට් බස් රථය සොයාගෙන බිහිසුණු ජලපහරක් සහිත ගංගා පසුකරමින් එන්නට විය.

බස් රථය ඉවත් කරමින්

ජීවිත අනතුරේ හෙලාගනිමින් සංචාරකයන් පැමිණීම වැළැක්වීම සඳහා අවසානයේ බලධාරීන් විසින් ක්‍රිස් මැකන්ඩ්ලස්ගේ අවසාන දින කිහිපය ගෙවී ගිය, ක්‍රිස්ව වෙනම පුද්ගලයෙකු ලෙස ඇදහීමට ලක් කර තරුණ සංචාරකයන්ගේ ස්මාරකය වූ කොන්වර්ට් බස් රථය හෙලිකොප්ටර් යානයක් උපයෝගී කරගනිමින් වෙනම ස්ථානයකට රැගෙන යන්නට කටයුතු කළේය. බලාධාරීන් ක්‍රිස් මුහුණ දුන් අත්දැකීම තවත් කෙනෙකුට අත් නොවේවි යැයි ඉන් අපේක්ෂා කළේය.

ක්‍රිස්ව ඇදහීමට ලක් කළ තරුණ පිරිස් ඔහුගේ ජීවිත කතාව රැගත් චිත්‍රපටයෙන් හෝ ඔහු ලියා තිබූ ජර්නලයෙන් ඔහු වනාන්තරයට පිවිසීමට පෙර ජීවිතයේ මුහුණ දුන් කටුක අත්දැකීම් ගැනවත්, ඔහු ඔහුගේ චාරිකාව ආරම්භ කිරීම තුළින් ඔහු තරුණ තරුණියන්ට ලබා දුන් පණිවිඩයවත් තේරුම් නොගත් තරුණ තරුණයින් ක්‍රිස්ගේ ජීවිතයේ ත්‍රාසය සහ වේදනාව පමණක් ජීවිතයට ළඟා කරගැනීමට පමණක් උත්සාහ කළ බවට සිනමා විචාරකයන් පේනවා දෙනවා.

1+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page