අභ්‍යාවකාශ යුද්ධයක් අත ළඟද?

අභ්‍යාවකාශ යුද්ධයක් අත ළඟද?

අභ්‍යාවකාශ යුද්ධයක් කිව්වාම ගොඩාක් අයට මතක් වෙන දෙයක් තමයි Star Wars, Star Trek වැනි චිත්‍රපටයන්. නමුත් දැන් සැබෑවටම අභ්‍යාවකාශ යුද්ධයක් ගැන කතා කරන්න කාලය එළැඹි තියෙනවා. එයට හේතුව වුණේ රුසියාව පසුගියදා දියත් කළ චන්ද්‍රිකාවක්. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය මේ චන්ද්‍රිකාව ගැන විවිධ චෝදනා එල්ල කරමින් ඉන්නවා.

ඔවුන් එල්ල කරන ප්‍රධාන චෝදනාව තමයි රුසියාව විසින් මෙම දියත් කරපු චන්ද්‍රිකාව කක්ෂයේ සිට වෙනත් චන්ද්‍රිකාවන්ට පහර දීමට හා ඉලක්ක ගත කළ හැකි යුධ බලයක් සහිත චන්ද්‍රිකාවක් කියන එකයි. ඒ වගේම එවැනි චන්ද්‍රිකාවන් හරහා අභ්‍යවකාශය තුළ අධ්‍යයනයන් කිරීමට ඇති නිදහසට බාධාවන් ඇති වෙන බවත් ඔවුන් චෝදනා කරනවා.

රුසියාව සිද්ධ කළා කියන යුධ චන්ද්‍රිකා මෙහෙයුමේ ග්‍රැෆික් සටහනක් (The Sun)

රුසියාව මේ චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එයාලා කියන්නේ ඔවුන්ගේ චන්ද්‍රිකා අධ්‍යයනය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය සිද්ධ කළ බවයි. මේ වෙද්දී මෙම ගැටලුව වියානා සම්මුතිය දක්වාම ඇදී ගිහින් තියෙනවා. 1960 දශකයේ සිටම රුසියාව සහ ඇමෙරිකාව අතර අභ්‍යාකාශ තරණය කිරීම සඳහා පැවතුණේ දැඩි තරගකාරී බවක් කියන එකත් මතක් කළ යුතුයි.

ඇමෙරිකාවත් ළඟදීම තමන්ගේ චන්ද්‍රිකාවන් හී ආරක්ෂාව වෙනුවෙන් චන්ද්‍රිකා ප්‍රති නාශක චන්ද්‍රිකාවක් නැත්නම් යුධ බලයක් සහිත චන්ද්‍රිකාවන් ගුවන් ගත කිරීම සඳහා සැලසුම් කර තිබෙන බවත් සඳහන් වෙනවා.

දැන් ලෝකයේ තියෙන බල දේශපාලනය තුළ භූමියේ මෙන්ම අභ්‍යවකාශය තුළ ද වැඩිකල් නොගොස් ගැටුම් ඇති වන බවට බොහෝ දෙනෙක් අනාවරණය කරන්නේ පෙරට වඩා අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් තමන්ගේ කටයුතු ආරම්භ කිරීමත් සමඟයි.

සඳ මත ඇති ඇමෙරිකානු ධජය (The Times)

1969 වසරේ දී ඇමෙරිකාව ප්‍රථමවරට සඳ මත ඇමෙරිකානු ධජයක් ස්ථාපනය කිරීමත් සමඟම අභ්‍යාවකාශයේ අයිතිය ඇමෙරිකාව සතු බව බොහෝ දෙනෙකු පැවසුවත් 1967 වසරේ දී ස්ථානපනය කරන ලද පිටත අභ්‍යවකාශ ගිවිසුම නිසා අභ්‍යවකාශයට තනි අයිතියක් කීමට කාටවත් හැකියාවක් නැත. ඒ අනුව අභ්‍යාවකාශය කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතියක් ඇති අතර චීනය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් 129 ක් මෙම සම්මුතිය රැක ගැනීම සඳහා කැපවී සිටියි.

මෙම සම්මුතියන් අතර අභ්‍යකාශය කොටස් කර ගැනීමට හැකියාවක් නොමැති අතර මිහිපිට සියලු මනුෂ්‍යයන්ගේ අයිතියක් ඇති ස්ථානයක් ලෙස අභ්‍යාවකාශය පිළිගත යුතු වෙනවා. එමෙන්ම සියලු රාජ්‍යයන්ගේ ගවේෂණ කටයුතු සඳහා නිදහස ලැබිය යුතු බවත් චන්ද්‍රයා සහ අනෙකුත් ආකාශ වස්තූන් ස්වෛරී ජාතියකට හිමිකම් කිව නොහැකි ය යන සංකල්පය වැනි වැදගත් මූලධර්මයන් ලෙස එම සම්මුතිය තුළ දක්වා තිබෙනවා. මීට අමතරව, සඳ හා ආකාශ වස්තූන් සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිතා කළ යුතු අතර ආයුධ කක්ෂයේ හෝ අභ්‍යවකාශයේ තැන්පත් නොකළ යුතු බවටද එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවන් දැක්වෙන රූප සටහනක් (Industry Tap)

නමුත් සමහර චන්ද්‍රිකාවන් ද්වීත්ව අරමුණු සඳහා යොදාගෙන ඇත. ඒ අනුව ඒවායෙන් යුධමය දත්තයන් සහ මිනිසාගේ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන දත්තයන් (උදා- ගුවන් විදුලි තරංග, දුරකථන සංඥා වැනි දේ) හවුමාරු කිරීම සඳහා යොදාගෙන තිබෙනවා.

අභ්‍යවකාශ යුද්ධයක් ඇති වුවහොත් ලෝකයේ අන්තර්ජාලය පහසුකම්වල සිට ගුවන් යානා කටයුතුවල සිට සියලුම තාක්ෂණික අංශයන් හී විශාල බිඳ වැටීමක් සිද්ධ වනු ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. එය නැවත ලෝකය ආපස්සට තල්ලු කිරීමකට සමාන වීමක් ද වනු ඇත. එමෙන්ම පෘථිවියට වඩා විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයකින් අභ්‍යවකාශයම වැසී යන ඇති බවද විද්‍යාඥයින් මත පළ කරනවා. එය වක්‍රකාරයෙන් ස්භාවධර්මයටත් යම් බලපෑමක් ඇති කරන්නට සමත් විය හැකියි.

අභ්‍යවකාශ යුද්ධයක් දැක්වෙන සිතුවමක් (Pinterest)

ඉතින් දැන් ලෝකයේ බල දේශපාලනමය, ආර්ථිකමය ගැටලු නිසා රටවල් අතර පවතින උණුසුම්කාරී තත්ත්වය අභ්‍යවකාශ යුද්ධයකට පාර කපාවිද? ඔබේ අදහස් පහළින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න.

6+
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page